මෙක්සිකෝවේ උද්ඝෝෂකයින් පිරිසක් එරට ජනපති මැදුරේ ප්‍රධාන දොර, කැබ් රථයක් හප්පවා පෙරළා දමා තිබෙනවා.

2014 වසරේදී සිසුන් 43ක් අතුරුදන් කිරීමේ සිද්ධියට විරෝධය දක්වමිනුයි එම පිරිස උද්ඝෝෂණය කර තිබුණේ.

උද්ඝෝෂකයින් පාලනය සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකළ බවත් ජනපති මැදුර තුළට උද්ඝෝෂකයින් පැමිණීම වැළැක්වීමට ආරක්ෂක බාධක ස්ථාපනය කළ බවත් වාර්තා වනවා.

මෙම විරෝධතාවය සඳහා 100ක පමණ පිරිසක් එක්වී ඇති අතර ජනපති මැදුරට හානිකළ පිරිස අත්අඩංගුවට ගත් බවත් සඳහන්.

WhatsApp Group

Skip to content