උතුරු පළාතේ සංවර්ධනයට හා ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව, චීනය හා ජපානය වැනි රටවල් රුපියල් මිලියන 4900 කට අධික මූල්‍යාධාර ලබා දීමට ඉදිරිපත් වී ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ එම උපකාර මෙරට සංවර්ධනය වෙනුවෙන් නිසියාකාරව යොදා ගත යතු බවයි.

අදාළ මුදල් ලැබීම් පිළිබඳව ගිවිසුම් ඒ ඒ රට සමඟින් අත්සන් තබන බවයි සිය නිවේදනය මගින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content