උතුරු මැද මහ ඇළ උමං ව්‍යාපෘතියට අයත් රථවාහනවලින් ඉන්ධන සොරකම් කර අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් මෙහෙයවූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සොරාගන්නා ලද ඩීසල් තොගයක් ද සමග අත්අඩංගුවට ගැනීමටයි දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සමත් වුණේ.

ලද තොරතුරකට අනුව අද පස්වරුවේ සිදුකළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට ගත්තේ.

වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන උතුරු මැද මහ ඇළ උමං ව්‍යාපෘතියට අයත් රථවාහනවලින් සොරා ගන්නා ලද ඉන්ධන ලීටර් 1225ක් ද මහමීගස්සෑගම පිහිටි නිවසක ගබඩා කර තිබියදී සොයා ගැනීමට පොලිස්  විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමත් වුණා.

අත්අඩංගුවට ගත් සැකකරු ගලෙන්බිඳුනුවැව මීගස්සෑගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගත් ඉන්ධන තොගය හා සැකකරු ඉදිරි නීතිමය පියවරයන් සඳහා මොරගොඩ පොලිස් ස්ථානය වෙත භාරදීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කටයුතු කර තිබෙනවා

අත්අඩංගුවට පත් සැකකරු අද කැකිරාව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content