උතුරු මාර්ගයේ දුම්රිය කාලසටහන අද සිට සංශෝධනය කර තිබෙනවා .

ඒ අනුව යාල්දේවී දුම්රිය ඇතුළු තවත් දුම්රිය ආරම්භක ධාවන වේලාවන් වෙනස් ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කන්කසන්තුරය සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවන වූ යාල්දේවි දුම්රිය අද සිට පෙරවරු 10.00ට කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට නියමිත බවයි.

මේ අතර, කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා සෙනසුරාදා දින පෙරවරු 05.20 ධාවනය වූ දුම්රියේ වේලාව පෙරවරු 05.30 ලෙස සංශෝධනය කර තිබේනවා.

එමෙන්ම දෛනිකව පොල්ගහවෙල සිට මහව හංදිය දක්වා ධාවනය වූ දුම්රියේ වේලාවද සංශෝධනය කර ඇති බව සඳහන් .
මීට අමතර ව දෛනිකව කුරුණෑගල සිට මහව හංදිය දක්වා ධාවන වූ දුම්රියේ වෙලාව සංශෝධනය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content