උතුරු පළාත සදහා ධීවර කර්මාන්තයටම විශේෂිත වු ආයෝජන කලාපයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

මේ වන විට ඊට අදාළ වැඩපිළිවෙලක් සකස් කරමින් පවතින බව ද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

ධීවර කර්මාන්තයට අදාළ නව අයෝජන අවස්ථා ලබා ගැනීම මගින් නව රැකියා අවස්ථා ප්‍රමාණයක් බිහිවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පියල් නිශාන්ත මහතා මේ බව ප්‍රකාශ කළා.

ධීවර කර්මාන්තයට මෙන්ම පාරිභෝගිකයාටද පාඩුගෙන දෙමින් අතරමැදියන් පිරිසක් අයතු ලාබලැබු ධීවර මාෆියාව අවසන් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

WhatsApp Group

Skip to content