උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා කොටසේ සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙරට සිදු කෙරෙන දැවැන්තම සංවර්ධන ව්‍යාපාතියක් ලෙසයි අනුරාධපුර සිට වව්නියාව දක්වා උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධනක කටයුතු ආරම්භ වුනේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ මගපෙන්වීම මත ඉන්දීය ණය යෝජනා ක්‍රම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

ඉදිරි මාස කිහිපය තුළ එම කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content