මිසයිලයක් අත්හදා බලා පැය 48 ක් ගතවීමටත් පෙර උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

දකුණු කොරියා – ඇමරිකා වාර්ෂික යුද අභ්‍යාසය පැවැත්වෙන අතරතුර මෙම මිසයිලය දියත් කර ඇති බව සඳහන්.

එමෙන්ම හඳුනා නොගත් මිසයිලයක් තම නැගෙනහිර මුහුදු සීමාවට පතිත වූ බවට ජපානයද සනාථ කර තිබුණා.

උතුරු කොරියාව අත්හදා බැලූ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයට ප්‍රතිචාරයක් ලෙස තම වාර්ෂික යුද අභ්‍යාසය නියමිත දිනට පෙර පැවැත්වීමට ඇමරිකාව සහ දකුණු කොරියාව කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content