උතුරු ඉරාකයේ නීනවාහි ක්‍රිස්තියානි විවාහ මංගල්‍යයකදී ඇති වු ගින්නෙන් මියගිය පිරිස වෙනුවෙන් දින 03ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඉකුත් අඟහරුවාදා සිදුවූ මෙම ඛේදවාචකයෙන් පසු සුළු පිළිස්සුම් තුවාල ලබා සිටි මනාලයා සහ මනාලිය පළමුවරට මාධ්‍ය හමුවේ පෙනී සිටියේ ගින්නෙන් මියගිය සිය පවුලේ ඥාතීන්ට අවසන් ගෞරව දැක්වීම සඳහායි.

මනාලියගේ පවුලේ සියලුම ඥාතීන් සහ මනාලයාගේ මව ඇතුළු පුද්ගලයින් 113 දෙනෙකු මෙම ගින්නෙන් මියගිය අතර තවත් 150 දෙනෙකු පමණ පිළිස්සුම් තුවාල ලැබුවා.

WhatsApp Group

Skip to content