උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙන්නේ උත්සව සමයේ ජනතාවගේ දේපළ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කරන බවයි.

උත්සව සමය හේතුවෙන් ගැටකපන්නන් වැඩිවශයෙන් මහජනතාව රැඳී සිටින තැන්වල ගැවසීම හේතුවෙන් සිය බඩුබාහිරාදිය මෙන්ම මුදල් පසුම්බිය පිළිබදව ද ජනතාවද අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content