උත්සව සමය වෙනුවෙන් අද සිට ජනවාරි 15 දක්වා විශේෂ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එහි සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල ප්‍රකාශකර සිටියේ වසරේ මේ දක්වා කාලය තුළ සිදුකළ වැටලීම් සංඛ්‍යාව විසිහතර දහස ඉක්මවා ඇති බවයි.

මේ අතර භාණ්ඩ හා සේවාවල පවතින මිල ගණන් සලකා බලා ඉදිරි දින කිහිපය තුළ ආහාරවල මිල රුපියල් 50කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ වෙළෙඳපොළේ ඉදිරි දින කිහිපය තුළ බත්, සහ කොත්තු ආදී ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට සිදු වනු ඇති බවයි.

WhatsApp Group

Skip to content