එළැඹෙන උත්සව සමයේ දී පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව, සාධාරණ මිලට ලබා ගැනීමට හැකි පසුබිමක් නිර්මාණය කර තිබෙන බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පැවසීය.

ගොවියාත් පාරිභෝගිකයාත් සුරැකෙන ක්‍රමවේදයක් ඔස්සේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

පසු අස්වනු තාක්ෂණය ගොවීන් අතර ප්‍රචලිත කරමින් අස්වනු හානිය අවම කිරිමටත්, ඉදිරියේදී ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට රට සූදානම් කිරීමටත් රජය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

WhatsApp Group

Skip to content