දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන කළේ.

මේ අතර පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්‍රම 15 ක ජල සැපයුමට බාධා මතු වී තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ සංවර්ධන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කලුආරච්චි මහත්මිය පැවසුවේ ගම්පලවත්ත, පුස්සැල්ලාව, කොටගල, පුස්සැල්ල, හැටන් හා ඌරුබොක්ක යන ප්‍රදේශවල මුර ක්‍රමයට ජලය සපයන බවයි.

වියළි කාලගුණික තත්ත්වය පවතින කාලසීමාව තුළ ජලය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් යොදා ගන්නා ලෙස ද ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

WhatsApp Group

Skip to content