දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය දකුණු යුරෝපයට තවදුරටත් බලපෑම් එල්ල කර තිබෙනවා.

මේ හේතුවෙන් ඉතාලියේ නගර 16කට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම ප්‍රදේශවල ජනතාවට පෙරවුරු 11ත් සවස 6ත් අතර කාලය තුළ සෘජු හිරු එළියෙන් වැළකී සිටින ලෙසට ද බලධාරීන් දැනුම් දුන්නා.

රෝමය / ෆෝලෝරන්ස් සහ බොලොග්නා ඇතුළු සංචාරක කලාප වල දැඩි උණුසුම් තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවට කාලගුණ අංශ පෙන්වා දෙනවා.

තාප තරංග දිගු කාලයක් පවතින් බැවින් රාත්‍රී කාලයේ උෂ්ණත්වය තවදුරටත් වැඩිවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ග්‍රීසිය / කැනඩාව / ස්පාඤ්ඤ ඇතුළු යුරෝපා රටවල් රැසක්ට ද මෙම තත්ත්වයෙන් බලපෑම් එල්ල විය හැකි බවටයි විදේස් වාර්තා සදහන් කරන්නේ.

 

WhatsApp Group

Skip to content