උඩවලව ජලාශයේ පෝෂිත ප්‍රදේශට වැසි නොලැබීම නිසා එහි ජල මට්ටම සියයට හත දක්වා පහත වැටී ඇතැයි නේවාසික ව්‍යාපාර කලමනාකාර තාක්ෂණ සේවා තිලක් රණසිංහ මහතා පැවැසුවා.

ඉදිරි දිනවල ප්‍රදේශයට වැසි නොලැබුණොත් ගොවි පවුල් 35000 ක් පමණ දැඩි අසරණ තත්වයට පත් විය හැකි බව ද ත් ඒ මහතා සදහන් කළා.

දැනට කර ඇති වගාවලට ජලය නොමැති වී විනාශ වීමේ අවධානමක් පවතින බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියා.

උඩවලව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව අක්කර අඩි 221000 ක් පමණ උවත් දැනට ඇත්තේ අක්කර අඩි 15000 ක් පමණයි.

වගාවන් සදහා දිනකට අක්කර අඩි 3000 ක් උවඩලව ජලාශයෙන් මුදා හැරිය යුතු අතර නමුත් දැනට මුදා හරින්නේ  විට අක්කර අඩි 1000 ක් 1500 ක් අතර ප්‍රමාණයක් බවත් ඔහු ප්‍රකාශ කළා.

කෙසෙු වෙතත්ත සතියකට හෝ දෙකකට පමණක් ජලය ලබා දිය හැකි බව ද ඔහු කීයා සිටියේ.

ගොවීන් මෙම තත්වය තේරුම් ගෙන ජලය නාස්ති නොකර උපරිම ප්‍රයෝජන ගත යුතු  බව ද ඔහු ගොවීන්ට කියා සිටියා.

 

WhatsApp Group

Skip to content