උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරිමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරනවා.

උඩුගං බලා යන අපේ සංස්කෘතික උරුමය මතු පරපුරට දායාද කිරීමට සංස්කෘතික සංගායනාවක් අවශ්‍ය බවත් සංගායනාවක් පැවැත්වීමට සූදානම් බවත් දිස්ත්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමික් සංස්කෘතික සංගයනාව පැවැත්වීමට සමස්ත කලාකරුවන් ඒකරාශි වීම ඇවැසිම කාලය එළඹී ඇතැයි ද අමාත්‍යවරයා එහිදී පැවසුවා.

උරුමය උඩරට නර්තන පුහුණු පර්යේෂණ කේන්ද්‍රයේ “උරුමයක අස්වැද්දුම” ජනගත කිරීමේ මහෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව මාතලේ බෞද්ධ මන්දිරයේ දී පවසන ලදී.

WhatsApp Group

Skip to content