උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අද සිට ලබන 15 වැනිදා දක්වා වූ කාලය තුළදී මෙලෙස උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරෙන බවයි.

ඒ අනුව, අදාළ කාල සීමාව තුළදී දුම්රිය ධාවන වන්නේ කොළඹ – කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් බවයි සඳහන් වන්නේ.

ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය සීමා කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content