දකුණු ගාසා තීරයේ මෙහෙ­යු­ම්වල නිර­තව සිටින යුද හමු­දාව අවම කරන බව ඊශ්‍රා­ය­ලය ප්‍රකාශ කර තිබේ.

එම ප්‍රකාශයත් සමඟ අව­තැන් වී සිටි පල­ස්තීන ජන­තාව නැවත එම පළාතේ පිහිටි ඛාන් යූනිස් නුවර බලා පැමි­ණෙ­මින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනා­ගත යුද සැල­සුම් සඳහා සූදා­නම් වීමට දකුණු ගාසා තීර­යෙන් සිය හමු­දාව ඉවත් කර­මින් සිටින බවට ඊශ්‍රා­යල ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කළ ද, ඊශ්‍රා­ය­ලය එවැනි පිය­ව­රක් ගෙන ඇත්තේ ජාත්‍ය­න්තර බල­පෑම් වර්ධ­නය වීම හේතු­වෙන් බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

WhatsApp Group

Skip to content