උතුරු ඊශ්‍රායලයේ හයිෆා නගරය ආසන්නයට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරයෙන්, එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුට අනතුරක් සිදු වී නොමැති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

මෙවැනි ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා ලබා දී ඇති උපදෙස් හා විධිවිධාන නිරන්තරයෙන් පිළිපදින ලෙස ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇති බවයි ඊශ්‍රායලයේ, ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ.

හයිෆා නගරයට දකුණින් සැතපුම් 20ක් පමණ දුරින් පිහිටි හමුදා කඳවුරක් ඉලක්ක කර හිස්බුල්ලා සටන්කාමීන් විසින් මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර තිබුණා.

එහිදී සෙබලුන් සිව් දෙනෙකු මියගොස් තවත් 60 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content