ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හමාස් සංවිධානයේ එම නගරය භාර ප්‍රධානීයා ද ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවයි.

මේ අතර ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බේරූට්හි පිහිටි හිස්බුල්ලා සංවිධානයේ බුද්ධි අංශ මධ්‍යස්ථානයකට ද ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එල්ල කළ ප්‍රහාරවලින් ලෙබනනයේ දහකට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

WhatsApp Group

Skip to content