ලක්ෂ 3 ක පමණ ඊශ්‍රායල බට පිරිසක් ගාසා තීරයට ළඟාවෙමින් සිටින බව විදෙස් වාර්තා පවසනවා.

ඔවුන් ගාසා තීරය ගොඩබිමින් ආක්‍රමණය කරනු ඇති බවයි එරට ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ.

හමුදා සංචිතයේ සිටි අතිරේක සොල්දාදුවන් ද මේ සදහා කැඳවා තිබෙනවා.

මෙය ඊශ්‍රායල් ඉතිහාසයේ හමුදා සංචිතයේ සිටි අතිරේක සොල්දාදුවන් වැඩිම පිරිසක් කැඳවූ අවස්ථාව වනවා.

එමෙන්ම මේ වන විට විදෙස්ගත වී සිටින අතිරේක සොල්දාදුවන් නැවත ඊශ්‍රායලයට ගෙන්වා ගැනීම සදහා ගුවන් යානා යෙදවීමට ද පියවර ගෙන තිබෙනවා.

මේ අතර පලස්තීන හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ගැටුම්වලින් දෙපාර්ශවයේ 2000 කට වැඩි පිරිසක් මියගොස් තිබෙන බව සදහන්.

එමෙන්ම 8000 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.

WhatsApp Group

Skip to content