ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ නායක මාවන් ඊසා මියගොස් ඇතැයි ධවල මන්දිර නිලධාරි ජේක් සුලිවන් ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 7 වන දා මෙම ගැටුම් ආරම්භ වූ දා සිට හමාස් නියෝජ්‍ය හමුදාපතිවරයා ලෙස සිටි මාවන් ඊසා එම සංවිධානයේ ජේ්‍යෂ්ඨතම නායකයා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

කෙසේ වෙතත් ඔහුගේ මරණය පිළිබද නිල වශයෙන් මේ දක්වා වාර්තා වී නැහැ.

මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාට් සරණාගත කඳවුරේ උමං සංකීර්ණයක් ඉලක්ක කර ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව මාවන් ඊසා මියගිය බවට ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර තිබුණා.

WhatsApp Group

Skip to content