ඊශ්‍රායල ආරක්ෂක අංශය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

ළමුන් 14 දෙනෙකු ද ඒ අතර වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයේ අවතැන් කඳවුරකට එම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් මිය ගිය පලස්තීන ජාතිකයින්ගේ සංඛ්‍යාව 33,360 ක් වනවා.

තවත් 75,993 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

WhatsApp Group

Skip to content