ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ගාසා තීරයේ, ඛාන් යුනිස් ප්‍රදේශයේ පාසලක සිටි පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

යුද්ධයෙන් අවතැන් වූ පලස්තීනුවන්ට නවාතැන් දෙනු ලැබූ පාසලකට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

ගාසා තීරයේ දෙවන විශාලතම නගරය වන ඛාන් යුනිස් නගරයට දින කිහිපයක සිට ඊශ්‍රයාල හමුදාව දැඩි ලෙස බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති අතර, මේ වන විට ඊශ්‍රායල හමුදාව ගොඩබිමින් පහරදීම ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content