ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල කරමින් දීර්ඝකාලීන ඉන්ධන මිල ඉහළ යාමකට ඉඩ තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අදහස් දක්වමිනුයි ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ.

මේ අතර ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔවුන් පිළිබඳ සොයා බලා ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසත් ජනාධිපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා.

මීට අමතරව සංචාරකයින් සහ සේවකයින් ලෙස මෙරටට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට නැවත සිය රට බලා යාමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත්, ශ්‍රී ලංකාව තුළ ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පොලිස් දෙපාර්තමේන්තුවට දැනුම් දීමටයි කටයුතු කර ඇත්තේ.

 

WhatsApp Group

Skip to content