ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර පැවති ගැටුම් අතරතුරදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ එම කාන්තාව පිළිබඳ තොරතුරු සෙවීම සදහා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වෙත අද දැනුම්දෙන බවයි.

මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ තොරතුරු අනුව ගාසා තීරයේ ගැටුමෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තවත් ශ්‍රී ලාංකිකයෙකු අතුරුදන්ව තිබුනා.

ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින් 8,000කට අධික පිරිසක් ජීවත් වන බවයි.

https://www.vnews.lk/storage/2023/10/NIMAL-BANDARA-EDIT-.mp3?_=1

මේ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට එරට තානාපති කාර්යාලය සමග එක්ව මෙරට රජය කටයුතු කරන බවයි.

ඒ අනුව ඊශ්‍රායලයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයෙකුට ගැටලුවක් ඇති වුවහොත් 0094 – 716 640 560 අංකයට වට්ස්ඇප් ඔස්සේ තොරතුරු යොමු කළ හැකියි.

එමෙන්ම ඊශ්‍රායලයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධයෙන් තොරතුරු 1989 අංකය අමතා දැනුම් දෙන ලෙසද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවා.

මේ අතර විදේශ සේවා කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා මහතා සදහන් කලේ ඊශ්‍රායලයේදී අතුරුදහන් වූ අයගේ තොරතුරු අනවරණය වී ඇති බවයි.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/10/GAMINI-SENARATH-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content