සංචාරකයන් වශයෙන් හෝ වෙනත් අවශ්‍යතාවයන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයකින් සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඔවුන් හට යම් පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්‍ය වන්නේ නම් 071-8592651 යන දුරකථන අංකය අමතා දැනුවත් කිරීමක් කරන ලෙසයි පොලිසිය දන්වා සිටින්නේ.

මෙම දුරකථන අංකය පොලිස් සංචාරක හා නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී මහතාගේ වන අතර ඔහු විසින් අවශ්‍යතාවය පිලිබඳ සොයා බලා සුදුසු ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

WhatsApp Group

Skip to content