ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම් ප්‍රකාරව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන් 2447 ක් ඊශ්‍රායල් බලා පිටත්ව ගොස් තිබේ.

මේ අතර, කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසුකම් ලැබු තවත් ශ්‍රී ලාංකිකයන් 61 ක් දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබා දීම සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ දින (10/25) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදු කරන ලදී .

මෙම පිරිස ඊශ්‍රායල් කෘෂි කාර්මික රැකියා හිමි වූ 53 හා 54 වන කණ්ඩායම වන අතර, ඔවුන්ගෙන්  13 දෙනෙක්  මේ මස 30 දිනත්‚ ඉතිරිය  නොවැම්බර් මස 6 සහ 16 දිනයන් හිදිත් ඊශ්‍රායල් බලා පිටත්ව යාමට නියමිතයි.

මේ දිනවල ඊශ්‍රායල්යේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ එරට රැකියාවල නිරතව  සිටින ශ්‍රී ලංකිකයින්ට කිසිදු කරදරයක් සිදු වී නොමැති බව එරට ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය  මගින් තහවුරු කර තිබේ.

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට හිමිවන්නේ  දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධය ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්‍රායලයේ කෘෂි කාර්මික අංශයේ රැකියා  අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයට මුදල් දීමෙන් වළකින ලෙස ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිය සිටියි .

WhatsApp Group

Skip to content