ඊශ්‍රායලයේ සාත්තු සේවයේ රැකියා සඳහා 12 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2000 වසරේ දී ඇති කරගෙන ඇති ගිවිසුමක් අනුව ශ්‍රී ලාංකිකයින්ට මෙලෙස ඊශ්‍රායලයේ රැකියා අවස්ථා උදාවනවා.

2022 වසරේ සිට මේ දක්වා කණ්ඩායම් 58ක ශ්‍රී ලාංකිකයින් 362 දෙනෙකු ඊශ්‍රායලයේ සාත්තු සේවය සදහා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ, අනුව අද දිවයිනෙන් පිටත්ව වන්නේ 59 වන කණ්ඩායමයි.ච

මේ අතර ඊශ්‍රායලයේ සාත්තු සේවය සදහා පිටත්ව යා හැක්කේ විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් පමණක් බවත්, පිටස්තර පුද්ගයින් මඟින් එම අවස්ථාවන් උදාකර ගැනීම සදහා උත්සාහ නොකරන මෙන් ද රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

WhatsApp Group

Skip to content