ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධාන කඳවුර පිහිටි ලෙබනනයේ බේරුට් අගනුවරට යළි ගුවන් ප්‍රහාර රැසක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හිස්බුල්ලා සංවිධානයේ අවි ගබඩා මධ්‍යස්ථාන සහ ඔත්තුසේවා මූලස්ථානයේ අණදෙන මධ්‍යස්ථානය ඉලක්ක කරගනිමින් මෙම ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි.

මේ අතර ඊශ්‍රායල විසින් උතුරු ගාසා තීරයට එල්ල කර ප්‍රහාර හේතුවෙන් බෙයිට් ලාහියා නගරයේ පුද්ගලයන් 73 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා.

හමාස් සංවිධානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ රාත්‍රියේ එල්ල කළ මෙම ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම, එම ප්‍රදේශය තුළ සන්නිවේදන සහ අන්තර්ජාල සේවා ඇනහිටීම හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් ද අඩාල වී ඇති බව සදහන්

WhatsApp Group

Skip to content