ඊශ්‍රායලයට එරෙහිව විරෝධතාවක නිරතව සිටි සරසවි සිසු සිසුවියන්ට ඊශ්‍රායල හිතවාදී කණ්ඩායමකින් දැඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර කැලිෆෝනියා විශ්වවිද්‍යාල භූමියේ කඳවුරු බැඳ ඇති අවස්ථාවකයි.

පෙරේදා රාත්‍රියේදී මුරකපොලු බිඳ දමමින් සරසවි භූමියට ඇතුළු වී ඇති මුහුණු ආවරණය කරගත් සිය ගණනාවක ඊශ්‍රායල හිතවාදීන් විරෝධතාවේ නිරත වූ සරසවි සිසුසිසුවියන්ගේ කූඩාරම් කඩා බිඳ දමා ඔවුන්ට පහර දී ඇතැයි වාර්තා වේ.

WhatsApp Group

Skip to content