ඊශ්‍රයලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් කඩිනමින් ආරම්භ කරන බව වරාය , නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසනවා.

ලබන ඔක්තෝබර් මාසය වන විට දෙරට සෘජු ගුවන් ගමන් කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කළේ.

ඊට අදාළ සාකච්ඡාවක් අමාත්‍යවරයාගෙන් ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති අතර ඒ සදහා දෙරටේ සිවිල් ගුවන් සේවා බලධාරීන් ද එක්ව සිටියා.

ඒ අනුව ඉදිරියේදී ඊශ්‍රයලය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.

 

WhatsApp Group

Skip to content