පළමු වරට ඉන්දියාවේ දී දෙරට අතර ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ඊයේ රාත්‍රියේ අහිමි වුණා .

ඒ දෙරට අතර පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වීම හේතුවෙන් .

ඒ අනුව එම තරගය ඉන්දියාව ලකුණු 91 කින් ජය ගනු ලැබුවා .

රාජ්කොට්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5 ක් දැවී රැස් කල ලකුණු සංඛාව 228 ක් . එහිදී සූර්යකුමාර් යාදව් පන්දු 51 කින් නොදැවී ලකුණු 112 ක් රැස් කිරීම විශේෂත්වයක් .

ඔහුගේ ඉනිමට හයේ පහර 9 ක් හා හතරේ පහර 7ක් ඇතුලත් වුණා . ෂුබ්මන් ගිල් ලකුණු 46 ක් ලබා ගත්තා .

පන්දු යැවීමේ ද ඩිල්ෂාන් මදුෂංක ලකුණු 55 කට දවා ගත් කඩුලු ගණන 2ක් .

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණයි.

දසුන් ශානක හා කුසල් මෙන්ඩිස් ලකුණු 23 බැගින් ලබා ගත් අතර, ධනංජය ද සිල්වා ලකුණු 22 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී අර්ශ්දීප් සිං කඩුලු 3 ක් දවා ගත් අතර උම්රාන් මලික්, හර්ඩික් පාන්ඩ්යා සහ යුස්වේන්ද්‍ර චහල් කඩුලු 2 බැගින් බිද හෙලීමට සමත් වුනා .

තරගයේ වීරයා සම්මානය සුර්ය කුමාර් යාදෙව් විසින් හිමි කර ගත් අතර තරගාවලයේ වීරයා සම්මානය හිමි වුයේ අක්සාර් පටෙල් හටයි .

WhatsApp Group

Skip to content