ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමනු ලැබුවා.

එම සමාගම නිවේදනය කළේ, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95 කින් ඉහළ දමන බවයි . ඒ අනුව එහි නව මිල රුපියල් 3,565 ක් වනවා.

කිලෝග්‍රෑම් 05ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38 කින් ඉහල ගොස් ඇති අතර , එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1,431 ක් ලෙසයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය ද රුපියල් 18කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 668 ක් බව එම සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා ප්‍රකාශ කළා.

මේ අතර එළඹෙන වසරේ පෙබරවාරි මාසය වන විට සැලකිය යුතු ලෙස ගෑස් මිල පහල යනු ඇති බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා කියා සිටියේ.

මිල සංශෝධනය පිළිබද මාධ්‍යවෙත නිකුත් කල ප්‍රකාශයේ ඔහු මේ බව සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/11/MUDITHA-EDIT-1.mp3?_=1

ආහාර වර්ග කිහිපයක මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට සමස්ථ ලංකා ආපනශාලා හා අවන්හල්හිමියන්ගේ සංගමය තීරණය කරනු ලැබුවා.

එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා මේ බව ප්‍රකාශ කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් . එහිදී ඔහු තවදුරටත් සදහන් කලේ සීනි මිල වැඩිවීම හේතුවෙන් තේ එකක මිල ද රුපියල් 5කින් සහ කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළ දමන බවයි.

මේ අතර සහල්, එළවළු, කුකුල් මස්, ලූනු ඇතුළු භාණ්ඩවල මිල ඉහළ යෑම හේතුවෙන් කැම පාර්සලයක මිල රුපියල් 20 කින් සහ කොත්තු සහ ෆයිඩ් රයිස් මිල රුපියල් 20 කින් ඉහළ දමන බවද ඔහු සදහන් කළා.

WhatsApp Group

Skip to content