2023  පාසල් රග්බි පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල ඊයේ සමත් වුණා.

එහිදී තියුණු තරගයකින් පසුගියවර ශූරයන් වූ ඉසිපතන විදුහලට පරාජය කරමින් ලකුණු 25ට 16 ක ජයක් අත්කර ගැනීමටයි ශාන්ත පීතර විදුහල් පිල සමත් වුණේ.

අපරාජිත ලීග් ශූරයන් ලෙස ශාන්ත පීතර විද්‍යාලය සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී ඉසිපතනයට එරෙහිව ජයග්‍රහණය කරමින් පාසල් රග්බි ද්විත්ව ශූරතාව අත්කර ගැනීමට සමත් වුණා.

එමෙන්ම පසුගිය මාසයේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී වත්මන් ශූර ඉසිපතන විද්‍යාලය ලකුණු 28 ට 17 ක් ලෙස පරාජය කරමින් 2010 වසරෙන් පසු පළමු පාසල් රග්බි ලීග් ශූරතාව දිනා ගැනීමටද සමත් වුණා.

WhatsApp Group

Skip to content