විදුලි පාරිභෝගිකයන්ට ලංකා විදුලි බල මණ්ඩලයෙන් මෙතෙක් මාසිකව නිකුත් කල බිල්පත වෙනුවට ඉලෙට්‍රොනික බිල්පතක් නිකුත් කිරිමට විදුලි බල මණ්ඩලය පියවර ගෙන ඇත.

එම ඉලෙට්‍රොනික ‍යන්ත්‍රයට විදුලි පාරිභෝගිකයාගේ ගිණුම් අංකය සහ භාවිතා කර ඇති විදුලි ඒකක ගණන මනු කියවන්නා විසින් ඇතුලත් කිරිමෙන් පසු එම මසට අය විය යුතු සම්පුර්ණ මුදල සහ හිඟ මුදලක් ඇත්නම් එයද සටහන් වී බිල්පත මුද්‍රණය වන බවයි මනු කියවන්නා කියා සිටියේ.

විදුලි පාරිභෝගිකයාට ක්‍රමයට බිල්පතක් ලබාදීමේදී මාර්ග ගත ක්‍රමයට බිල්පත් ගෙවා ඇත්නම් එම බිල්පත් ද නව බිල්පතින් අඩු වී එම ගෙවීමද මෙම බිල්පත මගින් විදුලි පාරිභෝගිකයාට දැන ගැනීමට හැකියාව ලැබෙන බවද මනු කියවන්නා කියා සිටියි.

එසේ විදුලි බල මණ්ඩලය විසින් හදුන්වා දුන් නව ඉලෙට්‍රොනික බිල්පත් යන්ත්‍රය මගින් හැටන් ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන්ට බිල්පත් නිකුත් කරන අයුරු අප කැමරාවේ සටහන් විය.

WhatsApp Group

Skip to content