හැටන් රුවන්පුර ජනපදයට ආසන්නයේ පිහිටි ඉලුක් සහිත පුද්ගලික ඉඩමක අද(15) පස්වරුවේ හටගත් ගින්නක් හේතුවෙන් අක්කර දහයක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

පැතිර යමින් පවතින ගින්න පාලනය සඳහා ඉඩමට ආසන්නයේ පිහිටි වතු යායක වතු කම්කරුවන් සමත්ව තිබෙනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අධික වියළි කාලගුණයත් සමග එම ඉඩමට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවටයි ප්‍රදේශවාසීන් සැක කරන්නේ.

මෙවැනි ඉඩම්වලට හෝ රක්ෂිතවලට ගිනි තබන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් දැනුම්දෙන ලෙසට හැටන් පොලිසිය ප්‍රදේහවාසීන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

WhatsApp Group

Skip to content