ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද දිනයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට රාජ්‍ය හා පලාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා. අද දහවල් 12ට එම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතයි .

රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීම, වැඩිකරන දීමනා හා වැටුප් ජනවාරි මාසයේ සිට ලබාදීම, 2016 සිට අහිමි කර ඇති පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම යළි ලබාගැනීම යනාදී ඉල්ලීම් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබෙනවා.

සිය ඉල්ලීම් සඳහා රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණය වන බවයි රාජ්‍ය හා පලාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ.

මේ අතර රජය විසින් ජනවාරි මාසයේ සිට රුපියල් 5000 ක මුදල ලබා දීමෙන් රාජ්‍ය සේවකයා මුලා කරන බව වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු උදේනි දිසානායක මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව අවධාරණය කළා .

https://www.vnews.lk/storage/2023/11/UDENI-DISANAYAKA-EDIT-.mp3?_=1

 

WhatsApp Group

Skip to content