ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකත්වයෙන් මාවෙයි සේනාධිරාජා මහතා ඉවත්ව ඇති
බව පක්ෂ නියෝජිතයින් පිරිසක් පවසති.

අදාළ තීරණය සම්බන්ධයෙන් මාවෙයි සේනාධිරාජා මහතාගේ පුත්‍රයාගෙන් විමසීමේදී
හෙතෙම පැවසූවේ තම පියා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකත්වයෙන් ඉවත්වන
බවට පක්ෂ ලේකම්වරයා වෙත දැනුවත් කොට ඇති බවයි.

පියා විසින් අදාළ තීරණය ගැනීමට හේතුව සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාව
වෙත ඉදිරියේදී දැනුවත් කිරීමට නියමිත බවද සේනාධිරාජා මහතාගේ පුත්‍රයා සඳහන්
කළේය.

සේනාධිරාජා මහතා විසින් පක්ෂ නායකත්වයෙන් ඉවත්වන බවට ලිපියක් යොමුකොට
ඇත්තේද යන්න සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ ලේකම් වෛද්‍ය
පි.සත්‍යලිංගම් මහතාගෙන් විමසීමේදී හෙතෙම පැවසූවේ සේනාධිරාජා මහතා විසින්
එවැනි ලිඛිත දැනුවත් කිරීමක් මේ දක්වා තමන් වෙත යොමු කොට නොමැති බවයි.

යම් යම් මාධ්‍ය විසින් එවැනි තීරණයක් සම්බන්ධයෙන් පුවත් ප්‍රචාරය කළත්,තමා වෙත
එවැනි ලිඛිත දැනුවත් කිරීමක් මේ දක්වා නිළ වශයෙන් සිදුකොට නොමැති බවද පක්ෂ
ලේකම්වරයා සඳහන් කළේය.

WhatsApp Group

Skip to content