ඉරානය එල්ල කළ මිසයිල බිම හෙළීමට තමන් ඊශ්‍රායලයට උදව් කළ බව ඇමරිකාව පවසනවා.

ඊශ්‍රායලයට එල්ල කළ ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයට ඇමරිකාව ද මිසයිල නාශක ප්‍රහාර එල්ල කරමින් සහාය දුන් බවයි පෙන්ටගනය පවසන්නේ

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ ඇමරිකාව ක්‍රියාකාරීව ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා සහාය ලබා දුන් බවයි.

බරපතල ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටළු විසඳීම සඳහා ධවල මන්දිරයේ පිහිටි විශේෂ කාමරයේ තමන් උදෑසන වන තෙක්ම ගත කළ බව බයිඩන් වැඩිදුරටත් පැවසුවා.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ මිසයිල 180ක් පමණ ඉරානය එල්ල කළ අතර ඉන් වැඩි ප්‍රමාණයක් තමන් ව්‍යර්ථ කළ බවයි.

ඉරාන ජනාධිපති මසූද් පෙසෙශ්කියන් පවසන්නේ ඉරාන පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහමෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

WhatsApp Group

Skip to content