ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ එක්ස් ගිණුම අත්හිටුවා තිබෙනවා.

කමේනි විසින් හීබෲ භාෂාවෙන් පළ කරන ලද සටහන් හේතුවෙන් ඔහුගේ එක්ස් ගිණුම අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

ඊශ්‍රායලයට එරෙහිව බොහෝ අවස්ථාවලදී කමේනි, විවිධ අදහස් සමාජ මාධ්‍ය හරහා පළ කර තිබුණා.

එමෙන්ම ඉරානයට, ඊශ්‍රායලය විසින් එල්ල කරන ගුවන් ප්‍රහාර අවතක්සේරු නොකළ යුතු බවට ද අයතුල්ලා අලි කමේනි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණා.

WhatsApp Group

Skip to content