ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය තමන් හෙළා දකින බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී කණ්ඩායමට සහය දක්වන ඉරානයෙන් ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත්වනු ඇතැයි ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර, ප්‍රතිප්‍රහාරයක් එල්ල කළහොත් ඊශ්‍රායලයේ සියලුම යටිතල පහසුකම්වලට පහර දෙන බවට ඉරාන මාණ්ඩලික ප්‍රධානියා අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

එමෙන්ම ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටින්නේ නම් ඔවුන් තම ප්‍රහාර අවසන් කරන බවයි ඉරාන විදේශ ඇමති සඳහන් කරන්නේ.

එලෙස සිදු නොවන්නේ නම් ඊශ්‍රායලයේ ප්‍රහාරයකට ඔවුන්ගේ ප්‍රතිචාරය වඩාත් ශක්තිමත් සහ බලවත් වනු ඇති බවටයි ඉරානය අනතුරු අඟවා තිබෙන්නේ.

WhatsApp Group

Skip to content