ඉපලෝගම , හිරිපිටියාගම, ප්‍රදේශයේදී අද අලුයම තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, ඉපලෝගම, හිරිපිටියාගම, මයිලගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි දෙදරු මවක්.

අදාළ කාන්තාව හිරිපිටියාගම ප්‍රදේශයේ පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවය සඳහා ගමන් කරමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.

මරණයට පත් වූ කාන්තාව හා ඇගේ සැමියා අතර කාලයක පටන් පවුල් ආරවුල් පැවති බවත්, ඒ හේතුවෙන් ඉපලෝගම පොලිස් ස්ථානයේ පැමිණිලිද පවතින බවත් ඉපලෝගම පොලීසිය ප්‍රකාශ කළා.

එබැවින් මෙම ඝාතනය ඇයගේ සැමියා විසින් සිදු කරන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

WhatsApp Group

Skip to content