ලබන වසරේ සිට පෙට්‍රල්, ඩීසල් සහ ගල් අඟුරු සඳහා 10%ක වැට් බද්දක් අය කිරීමට තීරණය කර ඇතැයි වර්තවනවා.

වැට් බද්ද 18%කින් ඉහළ නැංවීම යටතේ මෙය සිදු කිරීමට නියමිත බව සඳහන්.

පසුගිය දා පැවති රජයේ මුදල් කාරක සභාවේදී මේ පිලිබඳ සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ඒ අනුව අදාළ කාරක සභාවේදී අනාවරණය වූයේ, පෙට්‍රල් සහ ඩීසල් ගාස්තු 10%කින් වැඩි වනු ඇති බවයි.

මේ අතර බලශක්තිය පිළිබද ආයතන විදේශිය කරණය කිරීම මගින් රටේ දේශපාලන ස්වාධීනත්වයට බරපතල අවදානමක් මතුවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසනවා.

සියයට 18කින් වැට් බද්ද වැඩි කිරීම පිළිබදව ද විමල් වීරවංශ මහතා මෙලෙස අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/11/WIMAL-WEERAWANSHA-EDIT-.mp3?_=1

මේ අතර ආණ්ඩුව මගින් සෑම නිවසකටම සෝලා පැනලයක් ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/11/UDAYA-GAMANPILA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content