ලංකා අයි.ඕ.සී.සමාගමට අයත් ඉන්ධනවල මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 11 කින්, ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 41 කින් සහ සුපර් ඩීසල් මිල රුපියල් 22 කින් අඩුකර තිබෙනවා.

මෙම මිල ගණන් වලට අනුව සයිනොපෙක් සමාගමද ඉන්ධන මිල සංශෝධනය කිරීමටයි පියවර ගනු ලැබුවේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබුණා.

මෙම සංශෝධනය යටතේ ඉන්ධන වර්ග 3 ක මිල අඩු වී ඇති අතර ඉන්ධන වර්ග 2 ක මිල නොවෙනස්ව පවතින බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්්‍රල් ලීටරයක මිල රුපියල් 11 කින් අඩු කෙරුණු අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්්‍රල් ලීටරයක මිල රුපියල් 41 කින් අඩු කර තිබෙනවා.

එමෙන්ම සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

WhatsApp Group

Skip to content