ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙනවා.
මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති අතර, දෙකක මිල ගණන් නොවෙනස්ව පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංස්තාව සඳහන් කර ඇත්තේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 344ක් වනවා.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 379ක් දක්වා රුපියල් 41කින් අඩුකිරීමටයි කටයුතු කර ඇත්තේ.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් රුපියල් 355 දක්වා අඩුකර තිබෙනවා.
මේ අතර ඔටෝ ඩීසල් සහ භූමිතෙල් මිල වෙනස්කර නොමැති අතර, ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 317ක් සහ භූමිතෙල් ලීටරටන් රුපියල් 202 ක් ලෙස පෙර පැවති මිල ගණන් යටතේම අලෙවි කරනු ලබනවා.

WhatsApp Group

Skip to content