ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

නව මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව එහි නව මිල දැක්වුණේ රුපියල් 328ක් ලෙසයි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා තිබෙනවා.

එහි නව මිල රුපියල් 365ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වුණේ රුපියල් 346ක් ලෙසයි.

ඔටෝ ඩීසල් මිල රුපියල් 02කින් පහළ දමා තිබුණු අතර භූමිතෙල් ලීටරයක් රුපියල් 09කින් පහළ දමා තිබෙනවා.

ඒ අනුව එහි නව මිල දැක්වුණේ රුපියල් 236ක් ලෙසයි.

බලශක්ති අමාත්‍යංශය සදහන් කළේ අදාළ මිල සංශෝධනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වනු ඇති බවයි.

WhatsApp Group

Skip to content