ඉන්ධන ගාස්තු මෙම මස අවසානයේ සිට ඉහළ යාමට නියමිතව ඇති බව වාර්තා වනවා.

මාසික ඉන්ධන මිල සංශෝධනය සහ සංශෝධිත වැට් බද්ද ඉන්ධන සදහා එක්වීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ යනු ඇති.

ඉන්ධන සදහා වැට් බද්ද සියයට 18 කින් අලුතින් එකතු වීමට නියමිතයි.

කෙසේ වෙතත් වරාය ගාස්තු සියයට 8 ක් ඉන්ධනවලින් ඉවත් වීම මත ඉන්ධන මිල ඉහළ යාම සියයට 10 කින් පමණක් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලබන වසරේ ජනවාරි සිට මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක වනු ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content