මාසික මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 332ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු වී තිබෙනවා. එහි නව මිල සටහන් වන්නේ රුපියල් 377ක් ලෙසයි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කෙරෙන අතර ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් අඩු කර තිබෙනවා.

මේ අතර ලංකා භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළා.

 

WhatsApp Group

Skip to content