ඉන්ධන මිල ඉහළ දැමුවද ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

ආර්ථික අපහසුතාවලින් පෙළෙන ජනතාවට ගාස්තු ඉහළ දමා තවදුරටත් පීඩනයක් එල්ල කළ නොහැකි බවයි එහි සභාපති සුදිල් ජයරුක් සඳහන් කළේ.

ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමුණු අතර, එහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 13 කින් වැඩි කෙරුණා.

WhatsApp Group

Skip to content