ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 361 ක්.

එමෙන්ම, ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 42 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 417 ක වනවා.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 35න් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 341ක්.

එමෙන්ම රුපියල් 359ක් දක්වා ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියලකින් ඉහළ දැමීමටද කටයුතු කර තිබෙනවා.

එමෙන්ම භූමිතෙල් ලීටරක මිල රුපියල් 5 කින් වැඩි වී ඇති අතර නව මිල වන්නේ රුපියල් 231 ක්.

WhatsApp Group

Skip to content